සිංහල බස වැනසෙමින් යන්නේ යැයි මුළු රටම කතා කරන්නට පටන් අරන් දැන් සෑහෙන කාලයක්. කෝ ඒත් නෑනෙ ප්‍රතිඵලයක්, දවසින් දවස වැඩිවෙනව මිසක්. මාධ්‍ය මගින් සිංහල විකෘති කරල ඉංග්‍රීසි කළවම් කරගෙන. කාලයක් තිස්සෙ කතා උනත් මේව නවත්තන්න නෑනෙ තවමත් කිසිම වැඩපිළිවෙලක්.
කව්රු මොනව කිව්වත් මේ ගැන ලොකුම වැඩක් කරන්න පුළුවන් පාසැලේ දි. ඒත් එතැනත් රජ කරන්නෙ කළවම් භාෂාව. උදේ ඉදල අපට ඇහෙන්නෙ...
ගුඩ් මෝර්නින් සර්
ගුඩ් මෝර්නින් මැඩම්
ගුඩ් මෝර්නින් මිස්
ප්‍රින්සිපල්
පීරියඩ් එකක්
දැන් ඔයාල හිතයි මට සිංහල උණක් හැදීගෙන එනවද කියල. ඒත් හිතන්න ජපන් බස ඉගෙන ගන්න අපේ දරුවෙක් ජපන් ගුරුතුමාට සර් කියනවද? නෑනෙ. එයාල ඒක කියන්නෙත් ජපන් බසින්. (සෙන්සෙ). අපේ මුළු ජීවිතයටම ගුරුහරුකම් දෙන කෙනාට කතා කරන්න අපට සිංහල වචනයක් නැද්ද? ගුරුතුමා සහ ගුරුතුමී කියන්න ලැජ්ජ හිතෙනවද?
දැනට අවුරුදු 10කට විතර උඩදි දුරකථන ඇමතුමක් අවසානයේ අපේ හුගක් අය කිව්වෙ ඉංග්‍රීසි වචන. (චෙරියෝ, බායි වගේ.) ඒත් දැන්..... හුග දෙනෙක් කියන්නෙ බුදු සරණයි කියල. මුල් කාලෙ ටිකක් නුහුරු වෙයි තමයි. ඒත් අහගෙන ඉන්න කොට මොන තරම් ලස්සනද?
ගුරුතුමා, ගුරුතුමී
දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ වචන මොන තරම් හැගීමක් ඇති කරනවද?
රජයේ අමාත්‍යාංශ වල දුරකථනයෙන් හලෝ නැතිව ආයුබෝවන් කියල ඇහෙන්නෙ චක්‍රලේඛයකින් නියෝග කළ නිසා.
එත් ගුරුතුමා, ගුරුතුමී කියන්න චක්‍රලේඛ ඕන නෑ.
අපි ටිකක් මේ ගැනත් හිතමු.
mekath fashion ekaka karaganna hadanawanam ithin case. nethuwa oya tiyena vidiyatama tibunawe. mokada kattiya budu saranay kiyanneth dan style ekata hinda.
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට. සමහරු "බුදු සරණයි" කියන්නෙත් මෝස්තරේට තමයි. ඒත් අපිට නොදැනෙන 'බායි' වලට වඩා ඒක හොද නැද්ද? මම මේ කියන්නෙ 'කඩුවෙන් නැත්තං මන්නෙන් කොටමු' කියන ඉංග්‍රීසි භාවිතා කිරීමේ සංකල්පයට විරුද්ධව නෙවෙයි. සර්, මැඩම්, මිස් කියනවට වඩා ගුරුතුමා සහ ගුරුතුමී කියනකොට මම මේ මනුස්සයගෙන් ඉගෙන ගන්නව කියන හැගීම දැනෙනව කියන එකයි. ආවට, ප්‍රතිචාර දැක්වූවට ආයෙමත් ස්තුතියි.
ReplyDeleteමා පාසල් ගියේ මුලින්ම 1968 දී. ගමේ කනිෂ්ට පාසලට. අපි කීවේ ටීචර් සහ මහත්තය කියලයි. කලිසම් ඇඳ්පු අයට සර් කිව්වා.
ReplyDeleteස්තුතියි, ආවට. ප්‍රතිචාරයට. දැක්ක ගමන් හිනාගියත් ඒ කතාව ඇතුළෙ අපේ රටාව ගැන ලොකු කතාවක් තියෙනව.
ReplyDeleteමේ ලියන මාත් ගුරුවරියක් නිසා, මගෙ අම්මත් ගුරුවරියක් නිසා. , ගොඩක් දැනුනා. ඔබ සඳහන් කල පොත් අතරින් 'ආදරනීය ගුරුතුමනි' පොත මගෙත් මතකයේ අති විශේශ සටහනක්. මම හිතන්නෙ කලකට පසු අපූරු බ්ලොග් සටහනක් හමු උනා කියල. ජය වේවා යාලු.. ගුරුවරු ගැන- මේ අසීමිත වගකීමක් දරන ඒත් සමාජයේ සීමිතව කතා බහ වෙන මෙහෙවර ගැන දිගටම ලියන්න...
ReplyDeleteජීවිතේ මල්, බොහොම ස්තුතියි මේ පැත්තට ආවට වගේම ප්‍රතිචාරයටත්. හරිම සතුටුයි ඔබත් ගුරුවරියක බව දැන ගැනීම. අධික වැඩ නිසා ඇත්තටම ලියැවෙනව අඩුයි. නැවතත් බොහොම ස්තුතියි දිරිමත් කළාට. ඉතින් අපි දිගටම අපට දැනෙන හැඟෙන දේවල් ලියමු.
ReplyDelete